කතාවේ අන්තර්ගතය෴
කතාවේ අන්තර්ගතය෴
ඔිනෑම දේශනයක් ප්‍රධාන කොටස් තුනකට බෙදිය හකිය.
1.ආරම්භය හෙවත් ප්‍රවේශය
2.අන්තර්ගතය
3.සමාලෝචනය හෙවත් අවසානය
මෙයින් කතාවක ආරම්භය පිළිබඳව අපි කලින් පරිච්ඡේදයෙහි සාකච්ඡා කළෙමු.කතාවක ප්‍රධානතම කොටස හෙවත් දේහය වන්නේ අන්තර්ගතයයි.අදාළ ප්‍රස්තුතය පිළිබඳව කථිකයාගේ පෞද්ගලික දෘෂ්ටිය ඉස්මතු වන සේ කථිතයාට පැවසීමට ඇති කරුණුවලින් කතාවේ අන්තර්ගතය සමන්විත වෙයි.
මුලින් ද සඳහන් කළ පරිදී කථිකයා බොහෝ කේෂ්තුවල පැතුරුණු විෂය ඥාණයක් ඇත්තෙක් නම් තාවේ අන්තර්ගතය සාරගර්භ වෙයි.නැතහොත් නිසරු වෙයි.කථිකයා නිතර කියවීමට හුරු විය යුත්තේ එබැවිනි.හුදෙක් දේශනයක දී පමණක් නොව,කථික තරඟයකදී නම් කථිකයාට ලැබෙන ප්‍රධාන නිර්ණායකයන් වන්නේ කතාවේ සාරවත් අන්තර්ගතයයි.
මාතෘකානුකූලභාවය
කතාවේ අන්තර්ගතය කොතෙක් කරුණුවලින් පෝෂිත වුවත් එය මාතෘකානුකූල නොවේ නම් කථිකයාගේ ප්‍රයත්නය 100% ක් ම අපතේ ගියා යැයි සලකන්නට සිදු වේ. සෑම විටම සපයා ඇති මාතෘකාවට අනුකූලව කතා කරන්නට කථිතයා වග බලා ගත යුතුය.එළදෙන ගැන කතා කරන්නට ගොස් "එළදෙන ක්ෂීරපායී වර්ගයට අයත් සිවුපා සතෙකි.උගේ සිරුරේ මැක්කන් ඇත.මැක්කා වනාහි කුඩා කෘමි සතෙකි.ඌ එළදෙනගේ සිරුරේ රුධිරය අරා බී ජීවත් වෙයි.ඌට පාද යුගල තුනක් ඇත."යනාදී වශයෙන් ප්‍රධාන මාතෘකාවෙන් පිට පැන අතුරු මාතෘකා ඔස්සේ කතා නොකළ යුතුය.
තමාට මාතෘකාවක් ලැබුණු විට තමා ද නොදැනුවත්ව මාතෘකාවෙන් ඉවත්ව වෙනත් නොවැදගත් කරුණු කරා පිවිසිය හැකි ස්ථාන තවරේදැයි වහාම අවබෝධ කර ගැනීමේ ශක්තිය කථිකයා සත් විය යුතුය.
තර්කානුකූලභාවය
කථිකයාගේ කතාවේ අන්තර්ගතය කොතරම් මාතෘකානුකූල වුවත්,කොතෙක් සාරගර්භ වුවත් ඒවා විසිරුණු ස්වරූපයක් ගනී නම්,එම කරුණුවලින් අසන්නාගේ සිත තුළ කිසිඳු සාධනීය ප්‍රතිඵලයක් ඇති නොකරයි.ඒවා හුදෙක් හුදකලා කරුණු සෙ ශ්‍රාවකයාගේ සිත තුළ තැන්පත් වෙනවා පමණි.
❤
ReplyDelete