කතාවක ආකෘතිය෴

 කතාවක ආකෘතිය.෴

    දේශනයක් පැවැත්වීම සඳහා මාතෘකාවක් ලැබුණු කළ ඒ ඔස්සේ කතා කිරිම සඳහා ඉමහත් කරුණු සම්භාරයක් තිබිය හැකිය.එහෙත් කිසිඳු සැලැස්මක් නොමැතිව සිතට නැගෙන පිළිවෙළින් ඒ කරුණු සම්භාරය ප්‍රකාශ කළ පමණින් එය සාර්ථක දේශනයක් බවට පත්නොවේ.අපට අපේ අදහස නිරවුල්ව අසන්නා වෙත සම්ප්‍රේෂණය කරන්නටද නොහැකිය.

    ජන සන්නිවේදනයේ ප්‍රස්තුත සැලසුම් කොට ඉදිරිපත් කිරීමේ න්‍යාය නම් මූල ධර්මයක් එයි.මුලික අදහස හොඳින් සැලසුම් කිරීම ‌මඟින් ග්‍රාහකයන් හෙවත් ජනතාව විමර්ශනයට පොළඹවා මෙහෙයවීමෙන් ජනමතය සකස් කළ හැකිය යන්න එම මූල ධර්මයයි.

    ස්වකීය මූලික පණිවිඩය ග්‍රාහකයා වෙතට තීව්‍රව සම්ප්‍රේෂණය කිරීම සඳහා මාධ්‍ය කරුවෝ විවිධ ආකෘති,ශිල්ප ක්‍රම හා තාක්ෂණික උපක්‍රම භාවිතා කරයි.දේශනයකට ද මේ සිද්ධාන්තය මෙලෙසෙම සත්‍ය වේ.යම් මාතෘකාවක් සම්බන්ධව කථිකයාට කීමට ඇති දෑ ක්‍රමික පිලිවෙළකට සකස් කොට අසන්නාට වඩාත් ඒත්තු යන ආකාරයට ඉදිරිපත් කිරීම දක්ෂ කථිකයෙකුගේ ලක්ෂණයකි.මේ සඳහා ඔහ මුලින්ම ස්වකීය මාතෘකාවට ආකෘතියක් සකසා ගත යුතුය.

    උදාහරණයක් ඔස්සේ එය විමසා බලමු.

    මාතෘකා අංක 1 :

ගෝලීයකරණය

·                                1. අවසර ගැනීම

·                                2.ගෝලීයකරණය යන සංකල්පය පැහැදිලි කිරීම.

·                                3.ගෝලීයකරණය උද්ගත වීම හේතු

ü  සන්නිවේදන තාක්ණෂයේ දියුණුව

ü  ධනවාදයේ අර්බුදය නිසා සංවර්ධිත රටවල් ආනයන හා අපනයන වෙළඳාමට දිරිදීම.

·                                4. තෙවැනි ලොව රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීයකරණයේ බලපෑම.

·                                5. ගෝලීයකරණ විෂයෙහි අපගේ ප්‍රතික්‍රියා කවරාකාර විය යුතුද?

·                               6. සමාලෝචනය

·                                7. අවසානය

          මාතෘකා අංක 1 :

        ජන මාධ්‍ය හා සමාජය

                        1.       අවසර ගැනීම

2.       සමාජය යනු කුමක් ද?

3.       ජනමාධ්‍ය යනු කුමක් ද?

4.       සමාජය කෙරෙහි ජන මාධ්‍යවල බලපෑම

·         ජනමතය නිර්මාණය කරයි

·         ජනමතය මෙහෙයවයි

·         සමාජයට තොරතුරු ලබා දෙයි

·         පුද්ගලයා සමාජයේ අනෙක් ‌ෙඑක්‍යයන් හා සම්බන්ධ කරයි

·         සන්නිවේදන ක්‍රියාදාමය මඟින් මිනිසා මානව ස්වාභාවය ඇත්තෙක් බවට පත් කරයි

5.       සමාජයට සාධනීය මාර්ගෝපදේශනයක් සැපයීමෙහිලා ජනමාධ්‍ය වගකීම

6.       සමාලෝචනය

7.       අවසානය


    තව ද කථාව ආරම්භයේ දී අවශ්‍ය නම්,කථා සැකිල්ල අසන්නා හමුවේ තබා තමා මෙවැනි සැලැස්මක් යටතේ කතා කිරීමට බලාපොරොත්තු වන බව අසන්නාට පැහැදිලි කල හැකිය.පසුව එක් එක් අනු මාතෘකාව යටතේ අනුපිළිවෙලින් දේශනය පැවැත්වීමෙන් මාතෘකාව සම්බන්ධව කථිකයාගේ නිරවුල් අවබෝධය කැපී පෙනෙන අතර, අසන්නාගේ අවධානය නොසීඳී දැල්වුණු උන්වෙන් යුතුව ඔහු කථිකයාට අවසානය දක්වාම සවන් දෙයි.




Comments

Post a Comment

Popular Posts