කථිකයාගේ භූමිකාව෴

කථිකයාගේ භූමිකාව

     කථිකයා යනු සන්නිවේදකයෙකි.හෙතෙම භාෂාව නැමැති සංකේත පද්ධතිය භාවිතා කරමින් වාචික සන්නිවේදනයෙහි නිරත වෙයි.දක්‍‍ෂ සන්නිවේදකයා, නැතහොත් විශිෂ්ට කථිකයා ස්වකීය කථනයේදී මූතික කරුණු දෙකක් කෙරෙහි සැලකිලිමත් වෙයි.කථනයේදී මූලික කරුණු දෙකක් කෙරෙහි සැලකිලිමත් වෙයි.එනම්,

        1.කුමක්ද?
        2.කෙසේද?

    කුමක්ද යනුවෙන් අදහස් කරන්නනේ තමා කත් කරන්නෙ මොනවාද යන කරුණයි.දක්ෂ කථිකයා සැමවිටම තම කථාවේ අන්තර්ගතය ගැන සැලකිලිමත් වෙයි.තම අදහස් හා සිතුවිලි අසන්නාට ග්‍රහණය කර ගැනීමට පහසු වන සේ යම් ක්‍රමවත් පිළිවෙලකට අනුව සකස් කරයි.

    කෙසේද යනු‌ මෙලෙස සංවිධිතව සකස් කරනු ලැබූ අදහස් ඉදිරිපත් කරන ආකාරයයි.යම් කරුණක් අරභයි තමන් විසින් හඟවන අර්ථයම එහිලා අවසාන අර්ථය යැයි අසන්නාට හැඟී යන පරිදී චතුර හා ව්‍යක්ත ‌‌ලෙස කතා කිරීම දක්ෂ කථිකයෙකුගේ මූලික ලක්ෂණයකි.එනම් යාමක් දක්ෂ කථිකයෙකු විමේ වැදගත්කම ඉහත කරුණ තුළම ගැබ් වී තිබේ.කථාවෙහි චතුර පුද්ගලයාට ස්වකීය අදහස් අන්‍යන්ගේ අදහස් බවට පත් කළ හැකිය.එසේ කොට ස්වකිය අදහස් පමුණුවා ගැනිමට අන්‍යයන් මෙහෙය විය හැකිය.

    දක්ෂ කථිකයයන් බොහෝ විට සමාජයේ ජනමතය හැඩ ගස්වන ජනමත ප්‍රධානීන් ලෙස පෙනේ.ඒ අනුව සාමාන්‍යයෙන් කථාවකට සූදානම් වීමේදී මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත.එනම්,

    1.තම කතාව පවත්වන්නේ කවර සන්දර්භයක් තුළද?

    2.තම කතාවේ ශ්‍රාවක ජනයා කවුරුන්ද?

තම කතාව පවත්වන්නේ කවර සන්දර්භයක් තුළද යනුවෙන් අර්ථ ගැංවෙන්නේ තමාට පැවැත්වීමට ඇති දේශනය, යම් විද්‍යාර්ථීන් පිරික් ඉදිරියේ පවතවනු ලබන විෂයානුබද්ධ දේශනයක් විය හැකිය.නැතහොත් දේශපාලන රැස්විමක දී පවත්වන දේශපාලන කථාවක් වි හැකිය.එසේත් නැතිනම් කථික තරඟාවලියකින් හෝ විවාද තරඟයකින් ජය ලැබීම අරමුණු කොට ගෙන පවත්වනු ලබන කථාවක් විය හැකිය.මෙහිදී දක්ෂ කථිකයා ඒ ඒ සන්දර්භට අනුව තම කථාවේ සැකිල්ල හා ශෛලිය වෙනස් කර ගත යුතුය.

    කථිකයෙකුට ලැබෙන දැනුම,උගත්කම,ආකල්ප,අත් දැකීම් එකිනෙකාට හාත්පසින්ම වෙනස් විෂමජාතීය ස්වරූපයක් ගනිති.එමනිසා ස්වකීය අදහස් මෙම විෂමජාතීය ශ්‍රාවක ස්ථරයන් වෙත සම්ප්‍රේෂණය කිරීමේදී දක්ෂ කථිකයා එම විෂමතාවයන් පිළිබඳ දැනුවත් විය යුතුය.




Comments

Popular Posts